බහ තෝරන වයසේ පසුවන පුංචි පැටවුන් නිරන්තරයෙන් රසවිඳින, ගායනා කරන අපූරු කවියකි මේ. ඉතින් ආදරණීය පොඩිත්තාගේ උපන්දින කේක් නිර්මාණය ලෙස මේ කවියේ සඳහන්වන අලංකාර බස් එක තිළිණ කළහොත් එය ඔහුට පුදුමාකාර සතුටක් වේවි. විශේෂයෙන්ම ලොකු කුඩා වාහනවලට දැඩි ලෙස රුචිකත්වයක් දක්වන පුංචි පුතුගේ දෙවැනි උපන්දිනයටයි මෙය නිර්මාණය කරගෙන ඇත්තේ.
- Details
රන්වන් වරල් සලමින් එහා මෙහා පිහිනා යන සුරතල් මාළු යාළුවන්ට පුංචි පුතු කොයිතරම් මනාපද? ඔවුන්ගේ දඟකාරකම් බලමින්, පුංචි අත්පොඩි සලමින් පැය ගාණක් වුවත් ඔහු කාලය ගත කරාවි. ඉතින් ඒ අපූරු මාළු යාළුවෝ එකතු කරන් නිර්මාණය කළ මේ අලංකාර කේක් එක පුතුගේ උපන් දිනයට ලැබෙන වටිනාම තිළිණයක් වේවි.
- Details
ආහාරයක හෝ පානයක රසට වඩා වැදගත් වෙන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වාගෙන යාම කියන කාරණාවට ඔබ දෑතම ඔසවලා එකඟ වෙනවා නේද? ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වා ගන්නා ආහාර වර්ග ගැන නිතරම කතා කළත් පාන වර්ග ගැන නම් කතා බහ කරනවා අඩුයි. ඒ නිසාම අපි හිතුවා ප්‍රතිශක්තිකරණ සහිත පාන වර්ග කීපයක් සකසා ගන්න හැටි ඔබට කියලා දෙන්න.
උපදෙස්
සූපවේදී සර්වදර්ශනී අප්සරා
පිපිඤ්ඤා ලෙමනේඩ්
උණුකර නිවාගත් වතුර
චොප්කර ගත් පිපිඤ්ඤා ගෙඩි දෙකක්
ලෙමන් ගෙඩි දෙකක යුෂ
මී පැණි තේ හැඳි 4ක්
ග්‍රීන් ටී
අවශ්‍ය නම් අයිස් කැට
පළමුව චොප් කළ පිපිඤ්ඤාවලට වතුර එකතු කරන්න. ඉන්පසු ලෙමන් යුෂවලට මී පැණි සහ ග්‍රීන් ටී ස්වප්ලයක් එක්කර වෙනම මිශ්‍රණයක් සකසා ගන්න. දැන් පිපිඤ්ඤා වතුර සහ එම මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. ඔබට සෙම් අමාරු නැතිනම් පමණක් අයිස් කැට එකතුකර පානය කරන්න.
Tharunie
- Details
මළබතට සම්ප්‍රදායානුකූලව පැවත එන ආහාර වට්ටෝරුවක් තමයි වට්ටක්කා, බල කරවල, අළුකෙසෙල් ව්‍යාංජන. දැන් නම් ගොඩාක් දුරට මේ රටාවේ වෙනස් වීමක් දක්නට ලැබෙනවා. මළගෙදර මඟුල් ගේක තරම් කෑම ජාති තමන්ගේ තත්ත්වෙ පේන්නත් එක්ක මළගෙදර එන අයට පිළිගන්වන්න රැල්ලක් හැදීගෙන එනවා.
- Details
සීතලට වැහි වැටෙන වෙලාවක ගත දැවටෙන සීතල මකාලන්න උණුම උණු කෝපි කෝප්පයකට තියෙන්නේ පුදුමාකාර හැකියාවකි.
- Details
ආදරණීය පුංචි දියණියන්ගේ, පුතාලගේ උපන්දින එකටම යෙදෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට දවස් කිහිපයක් එහාමෙහා වුණත් උපන්දිනය එකටම සමරන්න තමයි අම්මලා උනන්දු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දෙන්නටම එකතුවෙලා කපන්න පුළුවන් විදිහට කේක් එකක් හදන්නත් අම්මලා කැමතියි.
- Details
අන්නාසි ජෑම්වලට ආස කරන අයටයි මේ ජෑම් එක. හදන්නත් පහසුයි. හදලා බලන්නකෝ රස කොහොමද කියලා.
Page 16 of 44

















