Thursday, February 05, 2026
Follow Us
චිකන් ඇන්ඩ් එග් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා ගත් අල

තම්බාගත් චිකන් ග්‍රෑම් 100ක්

තම්බා ගත් බිත්තර 2ක්

නූඩ්ල්ස්

ඉඟුරු

සුදු ලූනූ

ලුණු

කහ

ගම්මිරිස්

ලූනු

අමුමිරිස්

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක්

 

පළමු චිකන් සහ අල, ලුණු සහ කහ දමා තම්බා ගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් ටිකක් දමා ඉඟුරැ, සුදු ලූනූ, ලූනූ, අමුමිරිස් තෙම්පරාදු කරන්න. චිකන් කුඩාවට කඩා එයට එකතු කරන්න. අල පොඩිකර එකතු කරන්න. චිකන් ස්ටොක් එක එකතු කරන්න. නූඩ්ල්ස් එකතු කරන්න. බිත්තර කුඩා කැබලිවලට කපා එකතු කරන්න. අවසානයට කිරි එකතුකර රස අනුව ලුණු දමා ළිපෙන් බාගන්න.