කාන්තාවගේ අයිතීන් හා ළමා අයිතීන් මෙන්ම කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමට නව නීති සකස් කිරීමේ අවශ්‍යතාව තදින්ම දැනෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.
Tourism Minister Prasanna Ranatunga yesterday said nine new sustainable tourist destinations will be developed expeditiously covering all provinces.
නවීන තාක්ෂණයෙන් යුත් දේශීය කිතුල් රා කර්මාන්ත ශාලාවක් විවෘත කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) සිදුකෙරිණි.
The Lanka Private Bus Owners' Association (LPBOA) has made a request to the government to intervene and import 50 electric buses to strengthen the transport service in the country.
මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් වන රටක් බිහිකිරීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකරන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් සඳහා ප්‍රතිකාර හා පුනරුත්තාපන සේවාවන් පුළුල් කිරීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේබව කියා සිටියා.
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතිය යුතු බවට බොහෝ පාර්ශ්ව යෝජනා කළද හිතුමතේ එසේ කළ නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙන බවත්, රටතුළ පුළුල් සංවාදයක් සිදුකළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කරනවා.
දිනෙන් දින කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යන තත්වයක් තුළ සත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 40,000 කුත් තිරිඟු මෙට්‍රික් ටොන් 200,000 කුත් ආනයනය කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවසර ලබාදී ඇති බව පශූ සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි.
සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින මධ්‍යම රාත්‍රීයේ දී ආපසු දිවයිනට පැමිණ ඇති බව කටුනායක ගුවන් තොටුපළ අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.
ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන කාලය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Page 249 of 641