Saturday, April 11, 2026
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟයක් නොමැති බව වෙළඳ ඇමති කියයි

වෙළඳපොළේ සහල් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟයක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

වෙළඳපොළ තුළ කෘතිම හිඟයක් මවා සහල් මිල වැඩි කිරීමට කූඨ වෙළඳුන් ක්‍රියා කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පිටකොටුව තොග වෙළඳපොළේ අද සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙම අදහස් පළ කළා.

(Neth)