අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් අමාත්‍යංශ ලේකම් එම් පී කේ මායාදුන්නේ වෙත දැනුම්දී තිබෙනවා.
නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වාගෙන් විමසීමක් කළා.
මෙම පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් ද ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පැහැදිලි කළේ මෙලෙසෙයි.
මෙම පනත් කෙටුම්පතට අනුව දඬුවම් කිරීම සම්බන්ධයෙන් වූ අවස්ථා ද සංශෝධනය කිරීමට පියවර ගත් බවයි අධිකරණ අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් දැනට පළකර ඇති ගැසට් නිවේදනය බල රහිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අධිකරණ අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම්දී තිබෙනවා.
(Neth)