Tuesday, February 17, 2026
Follow Us
2022 වසරේ ග්‍රාමීය පාලම් 200 ක් සංවර්ධනය කෙරේ

ප්‍රවාහන පහසුකම් නොමැති අති දුෂ්කර හඳුනාගත් ග්‍රාමීය ප්‍රදේශ වල පාලම් 200 ක් සංවර්ධනය කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත සැලසුම් කර ඇත.

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකරන පාලම් 200 සඳහා රුපියල් මිලියන 11428ක මුදලක් වෙන් කර තිබේ.

නෙදර්ලන්ත ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ දීර්ඝ කාලීන සංවර්ධිත යෝජනාවක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. දිවයිනේ හඳුනාගත් දුෂ්කර ප්‍රවාහන ගැටළු සහිත ස්ථාන මේ සඳහා හඳුනා ගෙන තිබේ.

(news.lk)