Tuesday, February 17, 2026
Follow Us
බස් ගාස්තු කළත් වෙනස් නොවන කොන්දේසියක් ගැන ඇමති කියයි

ලබන මස 05 වනදා සිට බස් ගාස්තු වැඩි කිරීමට එකගතාව පළ කළේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති ආසන ගණනට මගීන් රැගෙන යාමේ සීමාවන්ට යටත්ව බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමෙන් මගීන්ට සුරක්ෂිත සේවාවක් ලබාදීමට බස් සංගම්ද සහයෝගය ලබාදිය යුතු බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් ද නෙත් නිවුස් කරුණු විමසීමක් කළා. ඔහු කියා සිටියේ නැවතුම්පළවල්වල බස්රථ අධික වේලාවක් නවත්වාගෙන සිටින රියදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දෙන බවයි.

(Neth)