Tuesday, August 12, 2025
Follow Us
පෝෂණය ඉහළ යැවීමට Healthy food - Happy Life
ශ්රී ලාංකිකයන්ගේ පෝෂණය පිළිබඳ සෞඛ්ය ප්රවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීම සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය හා ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් “Healthy food - Happy Life “ සුවදායි ජීවිතයකට සෞඛ්යවත් /සුරක්ෂිත ආහාර ජාතික මාධ්ය මෙහෙවර වැඩසටහනක් ක්රියාත්මක කිරිමට අපේක්ෂා කෙරේ.

වර්තමාන සමාජය තුළ ආහාර මූලික වූ රෝග කෙරෙහි හා ඒ් ආශ්රිත නීතිමය ආරක්ෂණ මාර්ගෝපදේශවල අනුකූලතාවය නොමැති වීම පිළිබඳ සෘජු මැදිහත්වීමක් සිදු කිරීම රජයේ ප්රමුඛතාවයයි. ඒ් අනුව කාන්තාවන් , පාසල් දරුවන් , ආහාර සුරක්ෂිතතාවයට අදාළ රාජ්ය හා පෞද්ගලික ආයතන වෛද්යවරුන් , පෝෂණවේදීන්, මහජන සෞඛ්ය නිලධාරීන්, ගොවීන් සහ සූපවේදීන් සමඟ සම්බන්ධීකරණය කරමින් මෙම වැඩසටහන ඉදිරියේදී ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම ජාතික මාධ්ය වැඩසටහන සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අධීක්ෂණය යටතේ ශ්රී ලංකා රූපවාහින ීසංස්ථාව මගින් ක්රියාත්මක කිරීමට නියමිතයි.