Sunday, July 27, 2025
Follow Us
නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතා දිවුරුම් දෙයි
ශ්රේෂ්ඨාධිකරණයේ ජ්යෙෂ්ඨතම විනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ප්රීති පද්මන් සූරසේන මහතා මෙරට 49 වන අගවිනිසුරුවරයා වෙයි.

අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්රනාන්දු මහත්මිය විශ්රාම යාමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ප්රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී.
1989 වසරේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන් ප්රීති පද්මන් සූරසේන මහතා, ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයකු ලෙස සේවය කළ අතර 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් විය.
 
2016 වසරේදී අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් වූ ඔහු 2018 වසරේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් පත් වූ අතර 2019 වසරේ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් විය.
 
එතැන් පටන් මේ දක්වා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කරන ප්රීති පද්මන් සූරසේන මහතා හිටපු අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්රනාන්දු මහත්මියගෙන් පසුව සිටින ජ්යෙෂ්ඨතම ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වේ.
 
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද දිවුරුම් දීමේ අවස්ථාවට එක් විය.