2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (10) දිවයින පුරා මධ්‍යස්ථාන 2787කදී පැවැත්වෙයි.
පෙරවරු 9:30ට තමයි විභාගය ආරම්භ වුවද සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට යන ලෙසත් පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය.
අයදුම්කරුවන් 307,951ක් මෙවර විභාගයට පෙනී සිටි.
හදිසි ආපදා තත්ත්වයකදී 117 ක්ෂණීක ඇමතුම් ඔස්සේ දැනුම් දිය හැකි බව ද කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා ය.