වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.
රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වාගැනීමට අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට බලතල ලබාදී ඇති බව යුද්ධ හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
The Health Ministry has decided to provide an exclusive fuel supply arrangements for the Health care workers from today.
කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇදිරි නීතිය අද අලුයම 5 න් අවසන් වුණා. ඇදිරිය පනවනු ලැබුවේ ඊයේ දහවල් 12 හේ සිටයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශ්වයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ ඇදිරිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා. ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම දක්වා ක්‍රියාත්මක ඇදිරි නීතියට අදාල ගැසට් නිවේදනයට අනුවයි. කෙසේවෙතත් අලුයම පහට ඇදිරී නීතිය ඉවත් කළ බවට පොලීසිය මෙතෙක් සදහන් කර නැහැ. නෙත් නිවුස් අද අලුයම පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් ඒ පිළිබද කළ විමසීමකදී ඇදිරි නීතිය ඉවත් කළ බවට තහවුරු කළේ ද නැහැ.
ඉල්ලා අස්වීමේ ලිපියේ සත්‍යාසත්‍යභාවය සොයයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා ඉස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලැබී ඇත.
මෙම ලිපියේ නීතිමය තත්ත්වය නිල භාවය තහවුරු කිරීමෙන් පසු ඒ ගැන ජනතාව දැනුවත් කරන බව කතානායකට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

Aruna
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇතැයි රජයේ වගකිව යුතු කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් තහවුරු කර නැහැ.
Page 159 of 640