වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වූ බව සහ ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීම අද සිදු කෙරුණා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක විසින් එම නිවේදන සභාවට ඉදිරිපත් කළා.
නව ජනාධිපතිවරයෙකු ලබන සතියේදී පාර්ලිමේන්තු ක්‍රමවේදය තුල තෝරා පත්කර ගන්නා තෙක් තමන් විසින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස සුවිශේෂී තීන්දු තීරණ කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ජාතික ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය සඳහා ලියාපදිංචි විය හැකි වෙබ් අඩවිය තව සුළු මොහොතකින් පහත සඳහන් සක්‍රිය කෙරේ.
පවතින ඉන්ධන සහ ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වලට ලබන 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.
The Health Ministry has decided to provide an exclusive fuel supply arrangements for the Health care workers from today.
අද උදෑසන ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ලඟා වු බවත් එහි සාම්පල් පරික්ෂාව මේ වන විට සිදුකරමින් පවතින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇදිරි නීතිය අද අලුයම 5 න් අවසන් වුණා. ඇදිරිය පනවනු ලැබුවේ ඊයේ දහවල් 12 හේ සිටයි.
Page 160 of 642