Wednesday, February 11, 2026
Follow Us
ඉන්ධන ජාවාරමේ නිරතවන පෞද්ගලික බස් රථ ගැන ප්‍රවාහන ඇමති තීරණයක් ගනියි

දිගින් දිගටම ලංගම මගින් ඉන්ධන ලබගෙන මගී ජනතාවට තම සේවාව ලබා නොදෙන පෞද්ගලික බස්රථවල ධාවන බලපත් අවලංගු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍යාංශයේ නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

පසුගියදා පැවති රැස්වීමකදී ලංගම බළධාරීන් කියා සිටියේ දිනකට බස්රථ 5000කට වැඩි ප්‍රමාණයකට ඉන්ධන ලබා දෙන බවයි. එයින් මගී ජනතාවට සිය සේවය නිසි පරිදි සපයන්නේ 70% ක පමණ බස්රථ ප්‍රමාණයක් වන අතර අනෙකුත් බස්රථ ලංගම ඩිපෝවලින් ලබාගන්නා ඉන්ධන වැඩි මිලට වෙනත් පාර්ශවලට අලෙවි කිරීම දිගින් දිගටම සිදු කරයි.

එවැනි ක්‍රියා නතර කිරීමටත්, එලෙස අයථා ක්‍රියා සිදු කරන බස්රථවල මාර්ග බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා විසින් අදාල නිළධාරීන්ට උපෙදෙස් ලබා දෙන ලදි.

Neth