Sunday, September 27, 2026
Follow Us
එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම අද (27) සමත් වූ අතර එය ලකුණු 223ක ජයග්‍රහණයකි.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී  ලකුණු  355ක් රැස්කරගත්තේය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29.1ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 132ක් පමණයි.