පළමුව ඉන්ධන පෝලිම් අඩු කර දෙවනුව ඉන්ධන පෝලිම් නැති කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින්.
ලබන මාසයේ මැද භාගය වනතෙක් දැනට මුදල් ගෙවා ඇති ඉන්ධන නෞකාවලින් සැපයෙන ඉන්ධන පිරිමසා ගැනීමට හැකිවනු ඇති නමුත් ඉන් ඉදිරියට ඉන්ධන මිලදී ගැනීම තවමත් අවිනිශ්චිත බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Counsel Suren Fernando appearing for President Ranil Wickremasinghe yesterday moved Supreme Court that his client should be discharged from the Fundamental Rights petitions filed over Easter Sunday attacks, owing to the presidential immunity.
ලබන මාසයේදී සංශෝධිත අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව මේ වනවිට ලැබෙන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. විවෘත ගිණුම් හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට එම වෙළදුන් ජූලි පළමු වනදා සිට අවස්ථාව සලසාදීම ඊට හේතුව බවයි අමාත්‍යවරයා පැවසුවේ. මේ හේතුවෙන් එම භාණ්ඩවල මිල ගණන්වලද යම් අඩුවීමක්ද දක්නට ලැබෙන බව නෙත් නිවුස් කළ විමසීමකදී වෙළද අමාත්‍යවරයා සදහන් කළා.
මෙම වසරේ මුල් මාස හය තුළ අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 428 ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 386 ක්. වත්කම් සම්බන්ධයෙන් ද පැමිණිලි 42 ක් ලැබී තිබෙනවා.
Page 155 of 642