පොලොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන වලට යාබද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ට අයත් ඉඩම් වල ස්ථාපිත කර ඇති දැනට භාවිතයට නොගෙන වල්බිහි වී ඇති ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් ටැංකි සියල්ල ප්‍රතිසංස්කරණය කොට යලි ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2022 විසර්ජන (සංශෝධිත) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සඳහා දින නියම කර තිබේ.
ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ සියයට 80 පැමිණීම නොසලකා හැරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
අද සහ හෙට පැයක කාලයක් දිවයින පුරා විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව, පස්වරු 6 සිට රාත්‍රි 9 අතර කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකරනු ඇති.
මේ වන විට ක්‍රියාත්මක ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමය තවත් සැලකිය යුතු කාලයක් ක්‍රියාත්මක කිරීමට සිදු වනු ඇතැයි ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
ඉකුත් දා පැවැති විරෝධතා අතරතුර ජනාධිපති මන්දිරයේ දේපළවලට සිදුවූ හානි පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපති මන්දිරයට ඇතුළු වූ පිරිස් විසින් විනාශ කරන ලද සහ සොරකම් කරගෙන යන ලද දේපළ සම්බන්ධයෙන් ස්ථිර වශයෙන් සහ නිවැරදිව තහවුරු කරගැනීම එහි අරමුණයි.
Reminds officials that people and various parties are watching
Instructs to take legal action and secure compensation without further delay
Page 154 of 647