Wednesday, February 11, 2026
Follow Us
විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන්න යයි

ත්‍රීරෝද රථ ගැන රජය ගත් අලුත්ම තීරණය


විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රතිපාද සැලසීම සඳහා මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ෆොසිල ඉන්ධන භාවිතයෙන් තොරව විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ධාවනය වන වාහන ප්‍රචලිත කිරීමේ අරමුණින් විද්‍යුත් ත්‍රීරෝද රථ ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවස්ථාව ලබාදෙන ලෙස විවිධ පාර්ශව මඟින් ඉල්ලීම් කර ඇති බව රජය පවසයි.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෝටර් වාහන පනතේ නොමැති බැවින් එම පනත මෙලෙස සංශෝධනය කර ඇත.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව සිදුකර ඇති අතර එයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Aruna