බන්දුලගෙන් ප්‍රකාශයක්
ලාෆ්ස් ගෑස් සමාගම ඉදිරියේදී සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවට දැන ගන්නට ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, (09) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරන බවත් ලාෆ්ස් ගෑස්වල මිල සහ බෙදා හැරීමේ ක්‍රමවේදය පිළිබඳව යම් පාරිභෝගික පැමිණිලි ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට තමන් වෙළෙඳ විෂය භාර අමාත්‍යවරයාට දැනුම් දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Aruna