Wednesday, February 11, 2026
Follow Us
සංචාරක ක්ෂේත්‍රයට පමණක් වෙන්වූ පිරවුම්හල් 10 ක් ගන්න යෝජනාවක්

සංචාරක ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයින්ට ඉන්ධන ලබාගැනීම සඳහා දිවයින පුරා පිරවුම්හල් 10 ක් වෙන් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඉන්ධන අර්බුදය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පැවැති අර්බුද හමුවේ සංචාරක ක්ෂේත්‍රයේ සිදුවූ කඩාවැටීම හේතුවෙන් ඒ හා සම්බන්ධ ව්‍යාපාර සිදුකළ පුද්ගලයින් අපහසුතා රැසකට මුහුණ පෑ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එබැවින් ඔවුන්ට ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීම වැනි ක්‍රියාමාර්ග මේවනවිටත් ගෙන ඇති බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළා.

Neth