සංචාරක ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයින්ට ඉන්ධන ලබාගැනීම සඳහා දිවයින පුරා පිරවුම්හල් 10 ක් වෙන් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඉන්ධන අර්බුදය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වෙඩිතැබීම් හා අපරාධ වැලැක්වීම සඳහා ආරක්ෂක අංශ බලතල ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොස්ගම බොරළුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
2021 වසරට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නොහැකි වූ අපේක්ෂකයන් ලබන 10 වනදාට පෙර ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ගෑස් මිල සංශෝධනය හෙට පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ඒ අනුව හෙට දිනයේදී රුපියල් 200 කට වැඩි සංඛ්‍යාවකින් ලිට්‍රෝ ගෑස් මිල පහළ යනු ඇති බවයි.
ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය යටතේ එක් එක් වාහන සදහා ලබාදෙන ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යාවත් කාලීන කෙරුණා. ඒ අනුව මෙම සතිය තුළදීද පසුගිය සතියේ ලබාදුන් ඉන්ධන කෝටාවම එක් එක් වාහන ඛාණ්ඩයන් සදහා ලබාදෙන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.
නව පරිශීලකයින්ට ජාතික ඉන්ධන අවසර පත (QR) සඳහා ලියාපදිංචිවීම ඉදිරි පැය 48ක කාලය තුල සිදුකළ නොහැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
Indicates the need to ensure no segment is left behind in ongoing economic reconstruction efforts
Says just as much as there is a need to make higher profits, more money must be available for the people
Asserts highly competitive economy cannot run on low wages
Assures SL will not go back to ‘old’ systems
Stresses the need for change and increase in income
Says without prioritising economy nothing can be achieved
By Shabiya Ali Ahlam
Page 149 of 640