Wednesday, February 11, 2026
Follow Us
වෙළෙඳ ඇමැතිත් රිවස් කරයි

බිත්තර මිල යළිත් වැඩි වෙයි


බිත්තරයක් රු.50ක මිල ට අලෙවිකර ගැනීමට අවසර ලැබුණු බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සම ලේකම් දුමිෂ්ක සුභසිංහ පවසයි.

බිත්තර මිල සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ අද (24) පස්වරුවේ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සමඟ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් අතර පැවති සාකච්ජාවේදී මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

ඉදිරි සති දෙක තුළ මෙම ප්‍රශ්නයට නිශ්චිත විසඳුමක් ලබාදෙන බවත් ඒ අනුව ගැසට්ටුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට්ටුව නිකුත් කිරීමට පෙර ඇමතිවරයා වෙත ලැබී ඇත්තේ වැරදි තොරතුරු බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna