Wednesday, February 11, 2026
Follow Us
හිටපු ජනපති ගෝඨාභය පත්කළ කොමිසමක කාලය දීර්ඝ කෙරේ

මාර්තු 31 වනදා සිට මැයි 15 වනදා දක්වා රට තුළ හටගත් නොසන්සුන්කාරී සිද්ධීන්වලින් සිදු වූ ජීවිත සහ දේපල හානි පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

එම කොමිසම පත් කරනු ලැබුවේ එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතායි. එම කොමිසමේ කාලය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණා.

එම ජනාධිපති කොමිසමේ කටයුතු තවදුරටත් සිදු කිරීමට ඇති හෙයින් එහි කාලය නොවැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහකා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

Neth