මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට ඉතා විනයගරුකව පැමිණෙන ලෙසද, පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කරමින් පරිසරය සුරැකීමට කටයුතු කරන ලෙසද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ සංකල්පයක් මත ක්‍රියත්මක කරනු ලබන 'ලෝකයට පැළයක්' වැඩසටහන යටතේ රුක්රෝපණ වැඩසටහනක් මහනුවර වැව රවුමේ මහ මායා බාලිකා විද්‍යාලය අසළදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දා (06) කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී, ජාවාරම්කරුවන් විසින් එම කලපුවේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක් අඩංගු ඇසුරුමක් නාවික හමුදා භාරයට ගත් අතර, එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් ද (01) තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට සමගාමීව දිවයින පුරා විසිර සිටින සිතුවම්කරණයේ සුදක්ශයින් අතින් චිත්‍රණය වූ අලංකාරවත්ම සිතුවම් එකතුව පසුගියදා (10) මහනුවර මඟුල් මඩුවේ දී මහජන ප්‍රදර්ශණය සඳහා විවෘත විය.
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා රවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය දැනුම් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
මහනුවර ඇසළ පෙරහර අදින් ඇරඹෙන අතර අද ප්‍රථම කුඹල් පෙරහර අද (10) වීදි සංචාරය කිරීමට නියමිතයි.
මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3,694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.
ඉන්දියාව සමඟ පැවති තෙවන එක්දින තරඟය ලකුණු 110කින් ජයගනිමින් තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් විය.
ගත වූ පැය 24 කාලය තුළ (2024.08.07 ප.ව. 4.30 දක්වා) මැතිවරණ පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළොන්නාව ප්‍රදේශයේ ජල ගැලීම් ඇති වීම සඳහා බලපාන මූලික හේතු සොයාබලා ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහ අධීක්ෂණයට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.
එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරඟ 3කින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබේ.
පාසල්වල විදුලි බිල අඩු කර ගැනීම සඳහා වහල මත සෝලර් පවර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් ප්‍රධාන පාසල් ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසීය.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව සීෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් ලෙස සේවය කිරීම සඳහා තැනැත්තන් බඳවාගත් විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පසුගිය දා (07) වැටලීම් කර තිබේ.
කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත පාදුක්ක බ්‍රැන්ඩිපොළ පුස්තකාල මාවත සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (07) එක් විය.
සබරගමුව ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා ලබා දී ඇති නැකැත් පත්‍රයට අනුව පෙරහැර මංගල්‍යය පැවැත්වීමට නියමිත දින වකවානු මේ වනවිට නිවේදනය කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.
Page 48 of 726