Monday, January 19, 2026
Follow Us
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩිකොළ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩිකොළ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

සෙට්ටිකුලම පොලිස් වසමේ මාන්කුලම් නගරයේදී ඊයේ (03)  රාත්රී කාලයේ සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත.
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩිකොළ කිලෝග්රෑම් 25 බැගින් වූ පාර්සල් 40 ක් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු කැබ් රථයක් හා කාර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 21, 28, 40 හා 43 වයස්වල පසුවන මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.