Monday, October 06, 2025
Follow Us

ශාස­නික වශ­යෙන් මුළු­ම­හත් බෞද්ධ­යා­ටම වැද­ගත් සිදු­වීම් රැසක් සිදු වූ වප් පොහෝ දිනය (06) අදට යෙදී තිබේ.

අවු­රුද්දේ දහ වැනි මාසයේ හෙවත් ඔක්තෝ­බර් මාසයේ එළැ­ඹෙන පොහෝ දිනය වප් පුර­ප­ස­ළො­ස්වක පොහෝ දිනය වේ. බෞද්ධ සැදැ­හැ­වත් ජනී­ජ­න­තා­වට මේ වප් පුර­ප­ස­ළො­ස්වක පොහොය කරුණු කිහි­ප­යක් නිසාම වැද­ගත් වේ.

බුදු­ර­ජා­ණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුර­යට වැඩම වීම, මතු බුදු වන මෛත්‍රී බෝස­තුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබා ගැනීම හා විව­රණ ලැබීම, සංඝ­මිත්තා තෙර­ණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩ­මවා ගැනී­මට අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස දඹ­දි­වට පිට­ත්කර හැරීම, අරිට්ඨ කුමරු ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගා­යනා කිරීම, පෙර­වස් සමා­දන් වූ භික්ෂූන් වහ­න්සේලා මහා පවා­ර­ණ­යෙන් වස් පවා­ර­ණය කිරීම හා චීවර මාසයේ ආර­ම්භය මේ වප් පුර­ප­ස­ළො­ස්වක පොහෝ දිනයේ සිදු වූ වැද­ගත් සිදු­වීම් අතර ප්‍රමුඛ වේ.