මෙරට අක්රීයව, විසිරී තිබුණු රෝහල් සංවර්ධන කමිටු සක්රීය කිරීමට ප්රමුඛතාවය ලබාදී කටයුතු කළ බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ ඇල්පිටිය මූලික රෝහලේ රෝහල් සංවර්ධන කමිටුවේ පූර්ණ දායකත්වයෙන් රෝහලේ භෞත චිකිත්සක ඒකකයට රුපියල් පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා නවීන යන්ත්ර දෙකක් පිරිනැමීම සහ රෝහල් පොලීසිය සඳහා රුපියල් ලක්ෂ 12 ක වියදමින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමේ උත්සවයකට පසුගියදා එක්වෙමිනි.
සක්රීය සහ ශක්තිමත් රෝහල් සංවර්ධන කමිටු සෞඛ්ය ක්ෂේත්රය තුළ ක්රියාත්මකවීම අත්යාවශ්ය බවත්, සෞඛ්ය අමාත්යාංශයේ රාජකාරි භාරගෙන සිදු කළ ප්රථම කාර්ය රොහල් සංවර්ධන කමිටු විධිමත් කිරීමට කටයුතු කිරීම බව මෙහිදී පෙන්වා දුන් අමාත්යවරයා අක්රීයව, විසිරී තිබුණු රෝහල් සංවර්ධන කමිටු ජාතික රෝහලේ සිට ප්රාථමික සෞඛ්ය සත්කාර ඒකකය දක්වා ඒ ඒ රෝහල්වලට ගැළපෙන ලෙස සක්රීය කිරීමට කටයුතු කළ බව ද පැවැසීය.
එහිදී රෝහල් වර්ගීකරණය අනුව රෝහල් සංවර්ධන කමිටුවේ සිටිය යූතු ප්රමාණය, සංයුතිය පිළිබඳවත් අවධානය යොමු කිරීමේ ප්රතිඵලයක් ලෙස මේ වන විට සක්රීය රෝහල් සංවර්ධන කමිටු සැලකිය යුතු රෝහල් ප්රමාණයක ස්ථාපිත කර ඇති බව ද අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
තමන් “පොරොන්දු දේශපාලනය” අනුගමනය නොකරන බව ද මෙහිදී පැවැසූ අමාත්යවරයා දකුණු පළාත ඇතුළුව සමස්ත දිවයිනේ පුරා සැලසුම් සහගත ක්රමවේදයක් ඔස්සේ රෝහල් සංවර්ධනය කිරීමට රජය පියවර ගන්නා බවත්, ඒ අනුව දකුණු පළාතේ රෝහල් පද්ධතිය ද එම වැඩපිළිවෙල තුළ ශක්තිමත් වනු ඇති බව ද වැඩිදුරටත් පැවැසීය.
රෝහල් සංවර්ධන කමිටුව විසින් ලොතරැයි දිනුම් ඇදීමකින් උපයාගත් මුදලින් පහළොස් ලක්ෂ පනස් දහසක් මුදලක් වැය කරමින් රෝහලට ස්ටිමියුලේෂන් යන්ත්රයක් සහ අල්ට්රා සවුන්ඩ් යන්ත්රයක් සහ රෝද පුටුවක් මෙලෙස ලබාදීමට කටයුතු කර තිබූ අතර, රෝහල් පොලීසිය සඳහා ඉදිකිරීමට මුල්ගල් තැබුණු ගොඩනැගිල්ල ද රෝහලට බලවත් අවශ්යතාවයක්ව පැවතුණි.
රෝහලේ හදිසි ප්රතිකාර ඒකකය, රසායනාගාරය ඇතුළු ප්රතිකාර සේවාවන් ද නිරීක්ෂණය කළ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා රෝහල් පාලනාධිකාරිය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් රෝගී ප්රතිකාර සේවාවන්, සංවර්ධන ව්යාපෘති, ඉදිරි ප්රමුඛතාවයන් සහ කාර්ය මණ්ඩල ගැටළු පිළිබඳව රෝහල් ශ්රවණාගාරයේ දී විශේෂ සාකච්ඡාවක් ද පවත්වන ලදි.
ඇල්පිටිය මුලික රෝහලට කැබිනට් අමාත්යවරයෙකු මෑත භාගයේ පැමිණි පළමු අවස්ථාව බව ද මෙහිදී රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයින් පෙන්වා දීම ද විශේෂත්වයකි.