Sunday, August 24, 2025
Follow Us
Social and Equity

මේ වසරේ ගත වූ මාස 05 තුළ මෙරට ඩෙංගු රෝගීන්ගේ ක්‍රමාණූකූල අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Social and Equity

ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙරට ආදිවාසී මානව අස්ථි හා සංස්කෘතික භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කිරීම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ ලෝටස් ලොන්ජ් ශාලා පරිශ්‍රයේදී ඊයේ  (12) පැවැත්විණි.

Social and Equity

ශාන්ත අන්තෝනි විද්‍යාලයේ යෝජිත දියත පිහිණුම් තටාකය සඳහා සංචාරක හා ඉඩම්, ක්‍රීඩා සහ යෞවන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සුරතින් මුල්ගල තැබීම ඊයේ (10) සිදු විය.

Social and Equity

ජුලි මාසයේ දී ගාල්ල කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කරන බවත්, මේ වසර අවසන් වන විට කොළඹ ඇස් වාට්ටු සංකීර්ණයත්, කොළඹ මහ රෝහලත් වසර 20 කට පසු සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරිමට කටයුතු කරන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Social and Equity

අනුරාධපුර වෙස්සගිරිය පුරාවිද්‍යා ස්ථානය “ උරුම උද්‍යානයක් “ බවට පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.මෙහිදී වෙස්සගිරිය තුළ දී  පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂකයන්ට අවස්ථාව ලබා දීම, නරඹන්නන්ගේ මානසික සුවතාව ඇති කිරීම, විවේක ස්ථාන පිහිටුවීම ආදී කාර්යයන් රැසක් සිදු කීරීම සඳහා සැලසුම් කර ඇත.

Social and Equity

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයකින් ඉහළ නැංවීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Social and Equity

වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර - මිහින්තලේ දුම්රිය මාර්ගයේ යළි දුම්රිය ධාවනය මෙවර පොසොන් සමයේ මුල්කර ගෙන ලබන 17 (සඳුදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා පවසයි.

Social and Equity

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පිරිස සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.

Social and Equity

අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දි අද (10)  වැඩසටහනක් පැවැත්විණි.

Social and Equity

2024 ජුනි මාසයේ 1 වනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1263ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Social and Equity

ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Social and Equity

මෙරට සිදුවන මරණ වලින් 89% සිදුවන්නේ බෝනොවන රෝග නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

Social and Equity

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙතෙක් ස්ථිර පත්වීම් නොලද අනියම්, කොන්ත්‍රාත්, දෛනික හා පුහුණු පදනම යටතේ සිටි කොන්දොස්තර, රියදුරු, ලිපිකරු ඇතුලු සියලුම තනතුරුවල සිටින අය සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ(12) පස්වරුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරෙණි.

Social and Equity

වතු ක්ෂේත්‍ර‌යේ සෞඛ්‍ය ආරක්ෂණය සහ ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක කෙරෙන “Happy Estate” හෙවත් “සතුටු වතු” වැඩසටහනේ ආරම්භය අද (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි. 

Social and Equity

ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්,දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

Social and Equity

අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

Social and Equity

තහනම් පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන පිළිබඳ බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල්, තොග වෙළෙඳසැල් ඇතුළු අලෙවි ස්ථානයන්හි කාර්යමණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කළේය.

Social and Equity

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.