ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරය අදට (ඔක්. 10) යෙදී තිබේ.
අදට යෙදෙන 76වන සංවත්සරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා සඳහන් කරන්නේ ජාතිය සුරැකීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වෘත්තීමය වශයෙන් සහ කඩිසරව කටයුතු කළයුතු බව මෙන්ම සංහිඳියාව ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික වටිනාකම් ආරක්‍ෂා කිරීමට සක්‍රීයව දායකවියයුතු බවයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියසදී 2025 ඔක්තෝබර් මස 08 දින පැවැත්විණි
යුද්ධ හමුදා දිනයට සමගාමීව විවිධ ආගමික වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබූ අතර, ධජයන්ට සෙත් පැතීමේ වැඩසටහන් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ප්රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝධිය, කිරිවෙහර, කතරගම දේවාලය, ශ්‍රී දළදා මාළිගාව, කෝට්ටේ සාන්ත තෝමස් දෙව්මැදුර, කොල්ලුපිටිය ජුම්මා පල්ලිය හා වවුනියාව ශ්‍රී කන්දස්වාමි කෝවිලේදී පැවැත්වීය.