මධ්යම පරිසර අධිකාරිය, අධ්යාපන අමාත්යාංශය හා එක්ව මෙරට පාසල් පද්ධතිය තුළ ක්රියාත්මක කරන “ජාතික පරිසර නියමු වැඩසටහනේ”, “පරිසර නියමු දකුණු පළාත් කඳවුර” 2025 ඔක්තෝම්බර් මස 08, 09 සහ 10 යන දිනයන් හි දී පැවැත්වීමට මධ්යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.
ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්රික්ක තුනේ රජත පදක්කම් (Silver Medal) ලබාගත් පරිසර නියමුවන් එකසිය හතළිස් දෙදෙනෙකුගේ (142) සහ ගුරු මහත්ම මහත්මීන් තිස් දෙනෙකුගේ (30) සහභාගීත්වයෙන් ගාල්ල, වක්වැල්ල කළමනාකරණ පුහුණු මධ්යස්ථානයේ දී මෙම කඳවුර පැවැත්වීමට නියමිතය.
කඳවුර පවත්වන දින තුනක කාලයේ දී පරිසර නියමු ස්වර්ණ වර්ණ පදක්කම් ප්රදානය සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර නායකත්ව පුහුණු වැඩසටහනක්, පරිසර නියමු දරුවන් විසින් නිපදවනු ලැබූ පරිසර හිතකාමී නව නිපැයුම් ප්රදර්ශනයක්, හියාර පරිසර පද්ධතියේ පරිසර අධ්යාපන වැඩසටහනක්, පාරිසරික ආකල්ප වර්ධනය කිරීම සඳහා වැඩමුළු, යෝගී භාවනා වැඩසටහනක්, සංස්කෘතික පරිසර ගී සැදෑවක් සහ ශාරීරික සුවතා වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
දරුවන්ගේ පාරිසරික දැනුම වර්ධනය කරමින් පරිසර සංරක්ෂණ ක්රියාකාරකම් වෙත ප්රායෝගිකව යොමු කිරීම වැඩසටහනේ අරමුණයි.
11 වන වරට පවත්වනු ලබන “පරිසර නියමු දකුණු පළාත් කඳවුර” මධ්යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය විසින් සංවිධාන කරනු ලබයි.