හෝර්ටන් ජාතික වන උද්යානයේ නෙළු වසන්තය නරඹාන්න පැමිණෙන්නේ නම් ජාතික උද්යානය පවතින නිතී රීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන් තැන්න ජාතික වන උද්යානයේ භාරකරු සිසිර රත්නායක මහතා පැවසීය.
ඔහු සදහාන් කලේ වසර 12 කට පසු මෙවර නෙළු මල් වර්ග හතරක් එකට පිපී ඇති බවත්, ඒය නැරඹීම සදහා සති අන්තයේ සහ නිවාඩු දිනවල අදික ජනතාවක් සහ වැඩි රථවහන ප්රමාණයක් ජාතික උද්යානයට ඇතුළු වන බවය.
එසේ එන ඇතැම් පිරිස් ජාතික උද්යානයක නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවත්, එම පිරිස සදහා නීතිය ක්රියාත්මක කිරිමට කටයුතු කල බවත් ඔහු තව දුරටත් පැවසීය.