Monday, October 13, 2025
Follow Us
රත්නපුර දිස්ත්රික් ක්රීඩා සංකීර්ණයේ ස්ථාපිත කළ 400m ධාවන පථය (400m Track) ඊයේ දින (12) නිල වශයෙන් විවෘත කෙරිණි.

 

​මෙම ධාවන පථය විවෘත කිරීමේ උත්සවය තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් සිදු විය.
 
මෙහිදී අදහස් දැක්වූ අමාත්යවරයා අවධාරණය කළේ, ක්රීඩාව වෙනුවෙන් වට මේසවලට පමණක් සීමා නොවී, දක්ෂ ක්රීඩක ක්රීඩිකාවන් හා පුහුණුකරුවන් හඳුනාගෙන ඔවුන් ගොඩනැගීමට නව වැඩපිළිවෙළක් මේ වනවිටත් දියත් කර ඇති බවය.