Monday, October 13, 2025
Follow Us
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා බදූල්ල හෙද විදුහලේ විශේෂ නිරීක්ෂණයක
ප්රමුඛ ප්රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 15 ක්.
 
මේ වසරේ එම ප්රතිසංස්කරණ අවසන් කරන ලෙසත් උපදෙස්.
 
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා බදූල්ල හෙද විදුහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.
 
අමාත්ය්යවරයෙකු බදූල්ල හෙද විදුහලේ නිරීක්ෂණයක යෙදුන පළමු අවස්ථාව මෙය විය. එම නිරීක්ෂණයේ දී හෙද විදුහල් පරිශ්රයේ පිහිටි සිසුන් 600 කට වැඩි පිරිසක් සඳහා වන දේශන ශාලා කාන්තා ශිෂ්ය නේවාසිකාගර, සනීපාරක්ෂක පහසුකම්, අධ්යයන කටයුතු සඳහා වන පුස්තකාල පහසුකම්, ප්රායෝගික පුහුණු ඒකක, ප්රධාන නිල නිවාසය, උපකාරක නිල නිවාස සහ ආපන ශාලා ඇතූළු ස්ථාන අමාත්යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
 
විදුහලේ අවශ්යතා ලෙස, දේශන ශාලා නවීකරණය හෝ ඒ සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම, දේශන ශාලා සඳහා වායු සමීකරණ පද්ධතියක අවශ්යතාව, අබලන් ශිෂ්ය හෙද නේවාසිකාගාරය අළුත්වැඩියාව, සනීපාරක්ෂක සේවා ඉහළ නැංවීම, විදුලිජනක යන්ත්රයක අවශ්යතාව, තාවකාලික දේශන ශාලාව සඳහා ප්රවේශ මාර්ගයක් සැකසීම වන බව ද, හෙද විදුහල්පතිනිය මෙහි දී අමාත්යවරයාට පෙන්වා දෙන ලදි.
 
ඒ අනුව තාවකාලික දේශන ශාලා නවීකරණය, අබලන් නිල නිවාස අළුත්වැඩියාව, ශ්රවණාගාර වායුසමීකරණය, සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීම, හෙද විදුහල සඳහා ප්රමාණවත් ප්රතිපාදන වෙන් කිරීම යන කරුණු පිළිබඳ අමාත්යවරයාගේ අවධානය යොමු වූ අතර ඒ අනුව බදුල්ල හෙද විදුහලේ ප්රමුඛ ප්රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 15 ක මුදලක් කඩිනමින් ලබාදෙන බව අමාත්යවරයා හෙද විදුහලේ සිසුන් සහ පාලනාධිකාරිය සමග පැවැති රැස්වීමේ දී පැවසී ය.
 
ඉහත මුදල් යොදාගෙන මෙම වසර ඇතුළත එම ප්රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට කටයුතු කරන ලෙස බදුල්ල හෙද විදුහලේ විදුහල්පති ටී.එල්.එස් ආරියවංශ මහත්මිය ඇතුළු පාලන අධිකාරියට උපදෙස් ලබාදීමට ද අමාත්යවරයා මෙහි දී කටයුතු කරන ලදි.
 
ශ්රී ලංකා රජයේ සෞඛ්ය අමාත්යාංශයේ අධ්යාපන, පුහුණු සහ පර්යේෂණ ඒකකය යටතේ ඌව පළාතේ ඇති එකම හෙද පුහුණු පාසල සහ මෙරට 10 වන හෙද විදුහල බදුල්ල හෙද විද්යාලය වන අතර එය රජයේ රෝහල් සහ ශ්රී ලංකා රජයේ සෞඛ්ය අමාත්යාංශය මගින් පාලනය වන අනෙකුත් සෞඛ්ය ආයතන සඳහා රෝගී සත්කාර සේවා සඳහා අවශ්ය හෙදියන් සහ පවුල් සෞඛ්ය සේවිකාවන් පුහුණු කරයි.
 
හෙද විදුහලේ වර්තමාන ශිෂ්ය සංඛ්යාව 372 කි. බදුල්ල හෙද විද්යාලය ආරම්භ කරන ලද්දේ 1982 වර්ෂයේදී ය. 1984 වසරේ පළමු කණ්ඩායමේ පුහුණු අධ්යයන කටයුතු 40 ක ශිෂ්ය කණ්ඩායමකින් ආරම්භ කර ඇත. ගතවු වසර 41 තුළ හෙද විදුහලේ විදුහල්පතිවරු 05 සේවය කර ඇති අතර 2015 වර්ෂයේ සිට මේ දක්වා ටී.එල්.එස් ආරියවංශ මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ලබයි.
බදුල්ල හෙද පාසලේ මේ දක්වා පුහුණුව ලබා දේශීය හා විදේශීය සෞඛ්ය සේවා සඳහා පිටත්ව ගිය හෙදියන් කණ්ඩායම් 40ක් ලෙස 5613 ක්, මහජන සෞඛ්ය වින්නඹු මාතාවන් කණ්ඩායම් 23 කින් 1494 ක් සහ සූතිකා පුහුණු හෙද නිලධාරි කණ්ඩායම් 10 ක් ලෙස හෙද නිලධාරින් 278 ක් ද පුහුණුව අවසන් කර ඇත. තවද, වතු අංශය සඳහා දෙමළ ශිෂ්යාවන් 43 දෙනෙකු පවුල් සෞඛ්ය සේවිකාවන් පුහුණුව ලබා ඇත.
 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී රවීන්ද්ර බණ්ඩාර, බදුල්ල මහනගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ, බදුල්ල හෙද විද්යාලයේ විශේෂ ශ්රේණියේ හෙද නිලධාරි ලක්ෂ්මන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සහ හෙද පුහුණුව ලබන සිසුවියන් පිරිසක් එක්ව සිටියහ.