Tuesday, October 14, 2025
Follow Us
රාජ්‍ය ආයතන කිහිපයක් මගින් පවත්වා ගෙන යනු ලබන මාර්ග ගත සේවාවන්වලට එල්ල වී තිබෙන බලපෑම් යථා තත්වයට පත් වෙමින් පවති
රාජ්ය ආයතන කිහිපයක් මගින් පවත්වා ගෙන යනු ලබන මාර්ග ගත සේවාවන්වලට එල්ල වී තිබෙන බලපෑම් යථා තත්වයට පත් කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.

 

මෙම මාර්ග ගත සේවාවන්වලට ඊයේ සිට තාවකාලිකව බලපෑම් එල්ල වී තිබේ.
 
ලංකා රාජ්ය ක්ලවුඩ් සේවාවේ ඇති වූ අක්රියතාවක් හේතුවෙන් රාජ්ය ආයතන 8 ක පමණ මාර්ග ගත සේවාවන්වලට මෙසේ බලපෑම් එල්ල වී ඇත.
 
මෙම සේවාවන් අතර රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ පද්ධතිය, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත හැර, අනෙකුත් පළාත්වලට අයත් මාර්ග ගත ආදායම් බලපත්ර පද්ධතිය, පොලිස් දෙපාර්තමේන්තුවේ නිශ්කාෂණ පද්ධතිය, විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ, විශ්රාම වැටුප් පද්ධතිය, වානිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට පිළිබඳ සහතික නිකුත් කිරීමේ මාර්ග ගත පද්ධතිය, ඊ පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා ගිණුම්කරණ, විගණන ප්රමිතිකරණ මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක මාර්ග ගත සේවාවන් මීට අයත් වේ.
 
තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ඉංජිනේරුවරුන් සහ සේවා සැපයුම්කරුවන් මෙම සේවාවන් කඩිනමින් යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටි.
 
රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, සහතික පිටපත් අදාළ මුල් සහතික පත් නිකුත් කළ ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු පද්ධතිවල සහය නොමැතිව ලබා ගත හැකි බවයි.
රාජ්ය ආයතනවල මාර්ග ගත සේවාවන්, යථා තත්වයට පත් කර ගැනීම පිළිබඳව ද විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්යාංශය මගින් පැවැත්වීමට නියමිතව ඇත.