Saturday, October 18, 2025
Follow Us
තරුණ ව්‍යවසායකයින් හඳුනාගෙන ප්‍රර්ධනයට විශේෂ කමිටුවක්
තරුණ ව්යවසායකයින් හඳුනාගෙන ප්රවර්ධනය කිරීම සඳහා අධ්යාපනය, ශ්රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාවෙන් විශේෂ කමිටුවක්.

 

තරුණයින් අතර දක්ෂ හා නවෝත්පාදන ව්යවසායකයින් හඳුනාගෙන ප්රවර්ධනය කිරීම උදෙසා සැලැස්මක් සකස් කිරීම සඳහා තරුණ ව්යවසායකත්වය ප්රවර්ධනය කිරීම සඳහා අධ්යාපනය, ශ්රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව මගින් විශේෂ කමිටුවක් පත් කරන ලදී.
 
ඒ එම අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය 09 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීමට කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන ගරු නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා ද සහභාගී විය.
 
ඒ අනුව මෙම තරුණ ව්යවසායකත්වය ප්රවර්ධනය කිරීම සඳහා සැලැස්මක් සකස් සකස් කිරීම සඳහා පත්කළ කමිටුව ජාතික තරුණ සේවා සභාව, කර්මාන්ත හා ව්යවසාය සංවර්ධන අමාත්යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, රජයේ බැංකු සහ මුදල් අමාත්යාංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත වේ. දිවයින පුරා තරුණ ව්යවසායකත්වය ප්රවර්ධනය කිරීම සඳහා මෙම කමිටුව රැස්වන බවත්, විශිෂ්ට ව්යවසායකයින් තෝරාගෙන ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා වැඩසටහනක් සකස් කරන බවත් අනුකමිටුවේ සභාපතිවරයා පැවසුවේය.
 
මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා, ව්යවසායකත්වය ප්රවර්ධනය කිරීම සඳහා තම අමාත්යාංශය දැනටමත් වැඩසටහන් කිහිපයක් ක්රියාත්මක කර ඇති බවත් තරුණ ව්යවසායකයින් සඳහා විශේෂ වැඩසටහනක් සකස් කරන්නේ නම්, අවශ්ය සහයෝගය ලබා දිය හැකි බවත් පැවසුවේය. එමෙන්ම තරුණ ව්යවසායකයින් තෝරා ගැනීමේ නිර්ණායක නිවැරදි විය යුතු බවත්, තෝරාගත් තරුණයින් ව්යවසායකත්වය සඳහා කැපවී සිටීම අත්යවශ්ය බවත් ඔහු අවධාරණය කළේය.
 
තවද මෙම රැස්වීමේදී අපනයන වෙළඳපොළවල්, නිර්මාණාත්මක කුසලතා ආදියෙන් සපි‍‍රි ව්යවසායකත්වයක් ආරම්භ කිරීමේ අවශ්යතාවය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන (ආචාර්ය) වී.එස්. රාධක්රිෂ්ණන්, ක්රිෂ්නන් කලෙයිචෙල්වි, චානක මාදුගොඩ, ඉස්මායිල් මුත්තු මොහොමඩ් යන මහත්ම මහත්මීන් ඇතුළුව රාජ්ය නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.