තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශය හා එක්සත් ජාතීන්‌ගේ ලෝක ජනගහන අරමුදල එක්ව සකස් කිරීමට යෝජිත ජාතික තරුණ ප්රතිපත්තිය සඳහා පුරවැසි අදහස් හා යෝජනා ලබාගැනීමට අදහස් කරන බව තරුණ කටයුතු සහ ක්රීඩා නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය.
ඒ ජාතික තරුණ ප්රතිපත්තිය පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදි අද (17) පැවති ප්රවෘත්ති සාකච්ජාවේදීය.
මෙහිදි පුරවැසියන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් QR කේතයක් හඳුන්වා දී ඇති අතර,එමඟින් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.
ඒ සඳහා 0771806878 යන වට්ස්අප් අංකයට හෝ National Youth Policy 2025 ෆේස්බුක් පිටුවට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්යුත් ලිපිනයට යොමු කළ හැකිය.
ලේකම්,තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශය, අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 යන ලිපිනයට අදහස් හා යෝජනා යොමු කිරීමටද අවස්ථාව ලබාදී තිබේ.
සියලුම අදහස් හා යෝජනා නොවැම්බර් මස 20 වැනිදා දක්වා යොමුකළ හැකිය.