පසුගිය සමයේ මෙරට සෞඛ්‍ය සේවාවේ තෘතීයික සහ ද්විතීයික ආයතන ශක්තිමත් කිරීමට යොදවන ලද අවධානය ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නඟා සිටුවීමට යොදවා නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම අමාත්‍යාංශය මේ වන විට සැලසුම් කර ඇත.
‘ක්ලීන් ශ්රී ලංකා’ වැඩසටහනසහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.
මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දිගු රන්වන් දුබුරු වැලි සහිත වෙරළ තීරයක් වන තලල්ල වෙරළ තීරය ජාත්‍යන්තර සහතික ලාභී නිල්ධජ වෙරළ තීරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය පසුගිය 27දා තලල්ල වෙරළ තීරයේදී ආරම්භ කෙරිණි.
සෑම ප්‍රජාවකටම සංස්කෘතික ජීවිතය,පෞද්ගලික ජීවිතය, දේශපාලනික ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සැලසුම් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි සම්පත් මනම්පේරි නමැත්තා අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලස්මුල්ල මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.
දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.
සමස්ත ලංකා කිරි නිෂ්පාදකවරුන්ගේ සංගමය (AIDA) මඟින් සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවක් නවම් මාවතේ පිහිටි Ceylon Chamber Conference හිදි පැවති අතර, ඒ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා ඊයේ (24) දින සහභාගී විය.
ඔක්තෝබර් 01 වැනිද මෙතෙක් සමරමින් තිබුණු ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් මෙම වසරේ ළමා දිනය වෙනුවෙන් ජාතික සතියක් (සැප්තැම්බර් 26 වනදා සිට ඔක්තෝබර් 01 වනදා දක්වා ) ප්‍රකාශයට පත්කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
Page 45 of 764