Monday, January 19, 2026
Follow Us
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිහිටුවා වසර 40ක් සපිරිම නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් එළිදැක්වීම අද විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් එම අමාත්යාංශයේ දී සිදු කෙරිණි.

 

වසර 40ක් තුල ශ්රී ලංකාවේ විගමනික ප්රජාවට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකිරීම, ශ්රී ලංකා ආර්ථිකයට විදේශ විනිමය ලබාදීම, ශ්රී ලාංකික ශ්රමික ප්රජාව සවිබල ගැන්වීම, විදේශ රැකියා ක්ෂේත්රයට සම්බන්ධ සියළු පාර්ශවයන් වෙනුවෙන් සිදුකරන ලද මෙහෙවර හා විදේශ රැකියා ක්ෂේත්රයේ නියාමනය උදෙසා කාර්යාංශය සිදුකරන ලද කාර්යය මෙම විශේෂ සමරු කවරයෙන් මඟින් පිළිඹිබු වේ.
 
මෙම අවස්ථාවට තැපැල්පති රුවන් සත්කුමාර, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශයේ අතිරේක ලේකම් M.M.S.S.B. යාලේගම, අතිරේක ලේකම් ප්රසාද් පියසේන, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ, විදේශ රැකියා එජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශයේ සාමාන්යාධිකාරි ප්රියන්ත සේනානායක යන මහත්වරුන් එක්වී සිටියහ.