Sunday, October 26, 2025
Follow Us
 පේළි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලක්ෂ 80කට ආසන්න පිරිවැයකින් යුතුව වැඩ අවසන් වූ නිවාස 68ක් එම ප්‍රජාවට භාර දෙයි
වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය මගින් Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව ''සොඳුරු නිවසක් - විකසිත පවුලක් " පේළි නිවාස පිළිසකර කිරීමේ ව්යාපෘතිය යටතේ ලක්ෂ 80කට ආසන්න පිරිවැයකින් යුතුව වැඩ අවසන් වූ නිවාස 68 ක් එම ප්රජාව වෙත ලබා දීම ඊයේ (25)රාජ්ය වැවිලි සංස්ථාවට අයත් මහනුවර දිස්ත්රික්කයේ, පන්විල කැලෑබොක්ක වතුයායේ, දියනිල්ල කොටසේ දි සිදු කෙරිණි.
 
වැවිලි ක්ෂේත්රයේ අභිවෘද්ධියට මෙන්ම මෙරට තේ ඇතුලු වැවිලි කර්මාන්තය වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවන මලයගම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සැපවත් කිරීමේ අරමුණින් යුතුව මෙම ව්යාපෘතිය වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය විසින් සිදුු කරනු ලබයි.