Thursday, September 03, 2026
Follow Us
බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 14ක් සොයාගනී

බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තිබී ජංගම දුරකතන 14ක් සොයා ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 මීට අමතරව සිම් කාඩ් පත් 25ක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර උපක්‍රමික බළකා නිලධාරීන් අද පෙරවරුවේ බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි පරික්ෂා කිරීමේදී මෙම උපාංග හමුව ඇත.