සෞඛ්‍ය සේවයේ නිරත වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට රාජකාරි හැඳුනුම්පත පමණක් භාවිත කරමින් සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාව තුළ රාජකාරියට වාර්තා කළ හැකි බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
කොරෝනා ප්‍රතිකාරවල නියුතු හෙද හෙදියන් මුහුණදී තිබෙන ගැටළු සඳහා නිසි විසඳුම් නොලැබීම නිසා හෙට (31) දිනයේ උදෑසන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කර ඇත.
A registrar of marriages who gave refuge to the main accused in the Easter Sunday attacks, Zahran Hashim, has been arrested.
කොරෝනා රෝගය පාලනය සඳහා ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නතෙහි පළමු මාත‍්‍රාව ලබාගත් මෙරට ලක්ෂ හයක පමණ ජනතාවකට එහි දෙවැනි මාත‍්‍රාව නිසිකාලයට ලබාදීමට නොහැකි ගැටලූවක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළෙඳ රථ නිසියාකාරව නොපැමිණෙන්නේ නම් අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක 1965 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ රටේ පොදු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනිමට ලක් වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ මත්ස්‍ය සම්පතද අවදානමට ලක්ව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ දර්ශනී ළහඳපුර පැවසුවේ එම මුහුදු පරිසර පද්ධතියට සිදුව ඇති හානිය හේතුවෙන් මුහුදු ජීවින්ටද ඉදිරියේදී යම් බලපෑම් එල්ල කරනු ඇති බවයි.
රට තුළ පවතින කොරෝනා අවදානම හේතුවෙන් බේකරි කර්මාන්තයේ නිරත සියයට 70 ක පමණ පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
කොවිඩ්-19 වෛරස මර්දනය කිරීම සදහා වන එන්නත්කරණ වැඩසටහන රත්නපුර හා යාපනය දිස්ත්‍රික්ක වලද ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වාත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සමස්ථ ලංකා හෙද සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 7 සිට හෙට පෙරවරු 7 දක්වා පැය 24 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි සමස්ථ ලංකා හෙද සංගමය සදහන් කළේ.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පලමු මාත්‍රාව සෑම මසකම මෙරට පුද්ගලයින් ලක්ෂ 05කට වැඩි පිරිසකට ඉදිරියේදී ලබා දිය හැකි බව ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නෙත් නිවුස් වෙත කියා සිටියේ එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියද අඩු වන බව විද්‍යාත්මකව පැහැදිලි කර ඇති බවයි.
පවතින සංචරණ සීමා තත්වය තුළ මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින් සහ වාහන පරීක්ෂා කිරීමේදීත් නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවට පත්වන අන්දමින් කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබේ.
ජංගම වෙළද රථ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සදහා තෝරා ගෙන ඇත්තේ ලියාපදිංචි වූ ජංගම රථ වෙළෙදුන්. සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළද රථ නිසියාකාරව පැමිණෙන්නේ නැති නම් ඒ පිලිබදව ජනතාවට දැනුම් දිය හැකි ක්ෂනික දුරකතන ඇමතුම් අංකයක් ද හදුන්වා දී තිබෙනවා. 1965 අංකය අමතා ඒ පිළිබද දැනුම් දිය හැකියි.
පුද්ගලයින් 900කට අධික පිරිසක් නිරෝධායන රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් නොසිතූ විරූ අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, මෙරට වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අභියෝගයයි. මේවනවිටත් ශ්‍රී ලංකාව ලෝකයේ නම් දරා ඇත්තේ සාගරයට ප්ලාස්ටින එක් කරන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් ලෙසයි. ඉකුත් වසරේ ප්‍රකාශිත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව සාගරයට ප්ලාස්ටික් එක් කරන රටවල් අතර සිටියේ 05 වන ස්ථානයේයි.
A number of people have been found to be infected in parts of Colombo, according to the latest PCR test results.
කොවිඩ් ආසාදිත තවත් මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) තහවුරු කර තිබේ.
Page 421 of 748