කොවිඩ් වෛරසය හේතුවෙන් සිදු වූ තවත් මරණ 50 ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මියගිය 50 දෙනා අතර වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයන් 12 දෙනෙකුද වේ.
පසුගිය සති කිහිපය පුරා දෛනික මරණ ප්‍රමාණය 50 ට වඩා අඩු වූ අතර එය නැවතත් 50 ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ සති තුනකට පසුවයි. අවසන් වරට පසුගිය ජුනි 23 වැනිදා මරණ 65 ක් වාර්තා වී තිබිණි.
මෙම මරණ 50 ද සමගින් මේ දක්වා මෙරට තුළ සිදු වූ සමස්ත මරණ ප්‍රමාණය 3611 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
(LNW)