Tuesday, August 12, 2025
Follow Us
අහඹු ආසාදිතයන් හමු වීමේ අඩුවක්

10%ක අගය 6.2%ක් වෙලා

කොවිඩ් - 19 වයිරසය ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා රට පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කරන අහඹු පීසීආර් පරීක්ෂණවලින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 6.2ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේය.

අහඹු පීසීආර් පරීක්ෂණවලින් මීට පෙර සියයට 10ක පමණ ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනා ගත් බවද ඒ මහතා කීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (14) ප්‍රකාශ කළේය.

රට පුරා හඳුනා ගත් සෑම වෛද්‍ය නිලධාරි කාර්යාලයක්ම ආවරණය වන පරිදි දිනකට අහඹු පීසීආර් 7,000ක් පමණ සිදු කිරීමට වසංගත රෝග විද්‍යා අංශය පියවර ගෙන ඇතැයිද හෙතෙම පැවසීය.

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා පෙරේදා (13) දින පීසීආර් පරීක්ෂණ 9919ක් සහ රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 4,014ක් කළ බවද ඔහු අණාවරණය කළේය.

(Dinamina)