Tuesday, August 12, 2025
Follow Us
එන්නත ගත් විදෙස් සංචාරකයින්ට රට පුරා යෑමට අවසර

කොවිඩ් වසංගතයට එරෙහිව කොවිඩ් එන්නත් දෙකම ලබා ගත් විදේශ සංචාරකයන් පළමු දිනයේ කොවිඩ් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ නම්, ඔවුන්ට නිරෝධායනයකින් තොරව, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක අධිකාරිය පවසයි.

සංචාරයේ 7 වන දිනයේදී ඔවුන් නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් කොවිඩ් පරීක්ෂණයක් සිදු කර ගත යුතු වේ.

සියලු සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගත වීමට පැය 72 කට පෙර ලබා ගත් කොවිඩ් පරීක්ෂණයකින් ඔවුන් ආසාදිතයෙක් නොවන බවට ලියවිල්ලක් සහතික කර ගත යුතු බවද සංචාරක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි

(Aruna)