සංචරණ සීමා ඉවත් කිරීමට තරම් රට තුළ යහපත් තත්ත්වයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
It has been revealed that excise officials are the perpetrators who forced open the liquor section at the Sathosa outlet at Anuradhapura.
කොවිඩ් 19 තුන්වන රැල්ල සමඟ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත රජය ලබාදුන් නිර්දේශ අනුව අදාල ණය සහන පාරිභෝගිකයන් වෙත ලබා නොදෙන්නේ නම් එවන් පාරිභෝගිකයන් හට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
වෛද්‍යවරුන්ට පමණක් වැටුප් සහ දීමනා ලබා දීමට එරෙහිව සියලු රෝහල්වල සෞඛ්‍ය සේවකයන් අද (11 වැනිදා) වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට නියමිතය. මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා සියයකට අධික සෞඛ්‍ය සේවාවන්වල කාර්ය මණ්ඩල සාමාජිකයෝ 75000ක් පමණ සහභාගි වන බව පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් පැවසීය.
මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා මෙවර සහභාගි විය හැක්කේ මන්නාරම දිස්ත්‍රික්කයේ සුළු බැතිමතුන් පිරිසකට පමණක් බව මන්නාරම රදගුරු ඉමානුවෙල් ෆර්නැන්ඩෝ පියතුමන් ඊයේ (9) පැවැසීය.
වයස අවුරුදු 4ක දරුවකුට පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ දී “බීර” පානයට සැලැස්වූ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවෙහි යැයි සැකකරන කිලෝ ග්‍රෑම් 250කට වඩා බරින් යුතු යකඩ බෝයාවක් ඊයේ (10 වැනිදා) කළුතර මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
The COVID-19 death toll in the country surpassed the 2,000 mark with 101 more fatalities being reported, the Epidemiology Unit said.
භාවිතයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත පොලිතීන් හා ප්ලාස්ටික් දෙවන ලැයිස්තුවට අයත් නිෂ්පාදන කඩිනමින් තහනම් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙන බව පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.617.2 (ඩෙල්ටා) කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් තුලින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. ඉන්දියානු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මෙරටින් හමුවූ දෙවන අවස්ථාව මෙය වනවා.
පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතක සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන් තිබේ.
The University Grants Commission (UGC) has extended the deadline to submit applications for the admission of students to state universities for the academic year 2020-2021.
කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශයට අයත් නොවන සියලු රාජ්‍ය නිළධාරීන් එන්නත්කරණ වැඩසටහනට සහාය දැක්වීමෙන් ඉවත් වී තිබෙනවා. ඒ අනුව ප්‍රාාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිළධාරීවරුන්, සමෘද්ධි නිළධාරීවරුන්, සංවර්ධන සහකාර නිළධාරීවරුන් එන්නත්කරණයට අදාල සියලු කටයුතුවලින් ඉවත් වී තිබේ.
දිවයින පුරා නායයෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
අන්තර්ජාලය හරහා 15 හැවිරිදි බාල වයස්කාර දැරියක ලිංගික අපයෝජනයට යොමුකළ පුද්ගලයකු ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (7 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.
Page 408 of 741