Wednesday, August 20, 2025
Follow Us
දිනකට මරණ 150 දක්වා ඉහළ යා හැකියි

සති දෙකක කාලයකට ඇඳිරි නීතිය දාන්න


මෙරට දිනකට සිදුවන කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 200 – 300 දක්වා ඉහළ යාම වළක්වා ගැනීමට තවමත් ප්‍රමාද නොමැති බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්යය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

ඉදිරි සති දෙකකට පමණ පසු මෙරට දී දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇති බව යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු ලෙස ද කටයුතු කරන මහචාර්යය සුනෙත් අගම්පොඩි මහතා BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.

මරණ සංඛ්‍යාව අඩුකිරීමට නම් සියලු රෝගීන් රෝහල්වලට ඇතුළත් කර ගැනීම නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීම, රෝගීන් ප්‍රවාහනය සහ හදිසි සේවා ලබාදීමට නිසි යාන්ත්‍රණයක් සැකසීම කඩිනමින් සිදුකළ යුතු බව මහාචාර්යයවරයා පෙන්වා දෙයි.
මරණ සංඛ්‍යාව අඩුකර ගැනීම සඳහා සති දෙකක කාලයකට හෝ සියයට සීයයක ඇඳිරි නීතියක් පැනවිය යුතු බවද මහාචාර්යය සුනෙත් අගම්පොඩි මහතා ප්‍රකාශ කර තිබේ.

(Aruna)