Wednesday, August 20, 2025
Follow Us
ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු නම් දින 05 ක් ඇතුළත පරීක්ෂණ කරන්න - චන්දිම ජීවන්දර

කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු කරගත් පුද්ගලයෙකුගේ සමීපතම ආශ්‍රිතයන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයන්ට දින 03 - 05 ත් අතර කාලය තුළදී කොවිඩ් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂක, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. අමෙරිකාවේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට එය ඇතුළත් කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.

කොවිඩ් වෛරසයට අදාල රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කිරීම ප්‍රමාණවත් වන අතර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් PCR පරීක්ෂණ සිදුකළ යුතු බවයි ජීවන්දර මහතා සඳහන් කරන්නේ.

මීට පෙර කොවිඩ් පරීක්ෂණයකට ලක්විය යුතු කාලය ලෙස නිශ්චය කර තිබුණේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන දින 05 - 07 ත් අතර කාලය තුළදීය.

UN

CDC recent guidance: If you are a close contact : you should get tested 3-5 days after exposure. Previous recommendations for close contacts was to test 5-7 days after exposure. If symptomatic - Rapid tests should suit in SL and asymptomatic : PCR would be more sensitive.

— Chandima Jeewandara (@chandi2012) August 8, 2021

(LNW)