මෙරටින් ඊයේ හදුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 2,815 දෙනාගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. ඊයේ දිනයේදී එම දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 413 දෙනෙකු වාර්තා වු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 98ක් ඊයේ තහවුරු කළ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.
ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 98න් 51 දෙනෙකුම කාන්තාවන්. අවුරුදු 30ත් 59 අතර පුද්ගලයින් 20 දෙනෙකු ඊයේ තහවුරු කළ කොරෝනා මරණ අතර වනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ මරණ 98න් මරණ 78ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව සඳහන් කළේ.
(Neth)