අගෝස්තු 04වනදා කොවිඩ් මරණ 94ක් තහවුරු වූ බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
බණ්ඩාරගම නගරයේ සිදු කල කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පුද්ගලයන් 63දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබූ බව බණ්ඩාරගම සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ ජ්යෙෂ්ඨ ප්රකාශකයෙක් පවසා තිබේ.
ටීනියා දිලීර රෝග ලක්ෂණ ඔබට හෝ ඔබගේ පවුලේ අයෙකුට වැළඳි ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලේ චර්ම රෝග සායනය වෙත පැමිණෙන්න ලෙස චර්ම රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනය පවසනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ පැවැති විරෝධාතාවයේදී අත්අඩංගුවට ගැනුණු ගුරුවරුන් ඇතුළු 44 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, එම පිරිස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විරෝධතාවය අතරතුරදී පොලිස් භාරයට ගැනුණු රථවාහන කිහිපයක් ද එහිදී මුදා හැර තිබෙනවා.
සෞඛ්ය ක්ෂේත්රයේ වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය පැය 4කට පසු අවසන් කිරීමට පියවර ගෙන තිබේ.
ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන දිවයින පුරා රෝහල්වල සෞඛ්ය කාර්ය මණ්ඩලය අද (05) පෙරවරුවේ සේවාවලින් ඉවත් වී රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ක්රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්රිය පැවසීය.
කොවිඩ් වෛසරය සහ එන්නත්කරණය අතර තරගයෙන් අප ජය ගැනීමට නම් ඉතා කෙටි කාලයකට සංචරණ සීමා යෙදවීම එකම විසදුම බව ශ්රී ලංකා වෛද්ය සංගමය පවසයි.
ඇස්ට්රාසෙනිකා එන්නතේ පළමු මාත්රාව ලැබූ පුද්ගලයින් සංඛ්යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් 38 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දින හතරක් තුළ කොවිඩ් රෝගින් 174ක් යටවත්ත ප්රාදේශිය සභා බල ප්රදේශයෙන් වාර්තා විමත් සමග අද (05)දහවල් යෙලක්කරය නගරය ජනශුන්ය වී තිබෙනවා.
මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව සෑම පැයකට වරක් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු මිය යෑමේ ප්රවනතාවයක් ඇති බව ශ්රී ලංකා වෛද්ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්ය මනිල්ක සුමනතිකල පවසනවා.
ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළ ගුරුවරුන්, ගුරුවරියන් ඇතුළු 44 දෙනාම කොවිඩ් ආසාදිතයින් නොවන බව එම පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
දියවැඩියාව සහ බෝ නොවන රෝග වලින් පෙලෙන සියලු දෙනා කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට ඉක්මනින් පියවර ගත යුතු බව කොළඹ වෛද්ය පිඨයේ මහාචාර්ය දියවැඩියාව සහ අන්තරාසර්ග පිලිබඳ විශේෂඥ වෛද්ය ප්රසාද් කටුලන්ද ප්රකාශ කර සිටිනවා.
රත්නපුර නව නගරයේ පිහිටි ආයුර්වේද රෝහල කොවිඩ් ප්රතිකාර මධ්යස්ථානයක් බවට පත් කර තිබේ.
මේ දිනවල පවතින ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව ඉතාම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව දිවයින පුරා ප්රදේශ රැසකින් වාර්තා වේ.
Page 407 of 769