Saturday, February 28, 2026
Follow Us
කොවිඩ් අවදානම නිසා නෙළුවේ සියලුම කඩසාප්පු දින තුනකට වසාදැමේ

අද (09) සිට 11 වනදා දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම කඩසාප්පු වසා තැබීමට තීරණය කළ බව නෙළුව වෙළඳ සංගමයේ සභාපති ඉහළගමගේ අජිත් මහතා පවසයි.

කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා තත්වය පාලනය කරගැනීමට සහාය දැක්වීමක් වශයෙන් මෙසේ කඩසාප්පු වසාදැමීමට තීරණය කළ බවයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)