මේ වනවිට මෙරට පැතිර යමින් තිබෙන කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය, චීනයේ වූහාන් නරගයේ පැතිර ගිය වෛරසයට සාපේක්ෂව දෙගුණයක් පමණ වන බව පරීක්ෂණයකදී හෙලි වී තිබෙනවා. විශේෂයෙන් ඩෙල්ටා වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමග ව්‍යාප්තිය වඩාත් වේගවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පර්යේෂණය සිදුකර තිබෙන්නේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය මගිනි. එම අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ සීග්‍රතාවය කලින් තිබූ ප්‍රභේදයට වඩා 40-60% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස ඇති බවයි.
මේ වනවිට මෙරට පැතිර තිබෙන ප්‍රධාන වෛරස ප්‍රභේදය ඩෙල්ටා බවද වෛද්‍ය විශේෂඥයන් පවසනවා.
(LNW)